මුහුදු ප්‍රදේශවල තද සුළං තත්වය තවදුරටත්

Saturday, 20 July 2019 - 15:56

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවයි එම දෙපාර්තමේන්තුව  නිවේදනය කළේ.

මෙම මුහුදු ප්‍රදේශ තුල හෙට උදෑසන දක්වා ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසට ධීවර ප්‍රජාවට අවවාද කෙරෙනවා.

එමෙන්ම නාවුක ප්‍රජාවට ද මේ පිළිබඳ  ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ත් 3.5ත් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර බස්නාහිර දකුණ මධ්‍යම සබරගමුව වයඹ සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා තද සුළං ද ඇතිවිය හැකියි.

මේ අතර, දිවයින හරහා දැනට පවතින තද සුළං තත්ත්වයේ තරමක අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකියි.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වටින් විට හමන සුළඟ පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර අගයක් ගනු ඇති.

සබරගමුව, මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 සිට 75 දක්වා පමණ තද වැසි ඇතිවිය හැකියි.

දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව ද 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, මහියංගනය - මිනිපේ ප්‍රදේශයේ ගොවිජනපද හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 218 කට හානි සිදුව ඇති අතර තලවාකැලේ - පේරම් වතුයායේ කම්කරු නිවාස 9 ක් ජල ගැලීම්වලට හසුව ඇති අතර ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ගසක් කඩා වැටීමෙන් එහි සිටි ළමයින් 44 දෙනෙකු අවතැන්ව සිටිනවා.

එමෙන්ම, මුහුද දැඩි ලෙස රළු වීම හේතුවෙන් හලාවත - කුරුසපාඩුව ප්‍රදේශයේ පවුල් 52 ක පුද්ගලයින් තාවකාලිකව ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඉහළ කොත්මලේ ජලාශය ද වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘත කර ඇති අතර එම ජල පෝෂක ප්‍රදේශයන්ට තවදුරටත් වැසි ලැබුණහොත් සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බැවින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළා.

මේ අතර, ධීවර කටයුතුවල නිරතව සිටි බහුදින යාත්‍රා 44 න් යාත්‍රා 20ක පමණ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි සඳහන් කළේ.

මේ අතර, ගිනිගත්හේන නගරයේ තවත් වෙළඳසැල් 22 ක් නායයාමේ අවදානමක පවතින බැවින් ඉන් ඉවත් නොවන වෙළඳසැල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයශංක පෙරේරා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories