මනිපායි හිදී පොලීසිය හා ගැටුනු ආවා කල්ලියට වෙඩි - අයෙක් මරුට

Saturday, 20 July 2019 - 22:24

%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යාපනය - මනිපායි - ඉනුවිල් ප්‍රදේශයේදී ආවා කල්ලි සාමාජිකයන් පිරිසක් සහ පොලීසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

අද රාත්‍රී 8.40 ට පමණ මෙම සිදුවීම වාර්තාවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

තියුණු ආයුධ සමඟ නිවාස කිහිපයකට පහරදීම සඳහා ආවා කල්ලියේ පිරිසක් පැමිණෙන බවට මනිපායි පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුවයි පොලිස් නිලධාරීන් පිරිසක් හදිසි වාහන පරීක්ෂාවක් සිදුකර ඇත්තේ.

එම අවස්ථාවේ යතුරුපැදි 3 කින් ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයන් හයදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වී තිබෙනවා.

එහිදී ඔවුන් පොලිස් නිලධාරීන්ට කඩුවලින් පහරදීමට උත්සාහ කර ඇති අතර පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

ඔහු සමඟ පැමිණි අනෙක් පස්දෙනා යතුරුපැදිවලින් පලාගොස් ඇති බව සඳහන්.

එමෙන්ම ආවා කල්ලි සාමාජිකයන් සතුව තිබූ කඩු 3 ක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර අද රාත්‍රි 9.20 ට පමණ රත්ගම - කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු මියගොස් තිබෙනවා.

ඔහු 26 හැවිරිදි සමීර චන්දිමාල් නැමති අයෙක්. මොහුගේ වැඩිමහල් සහෝදරයා ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories