මනිපායි සිද්ධිය ‘‘ආවා’’ - ‘‘කොලින්’’ ගැටුමක්

Sunday, 21 July 2019 - 12:37

%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E2%80%98%E2%80%98%E0%B6%86%E0%B7%80%E0%B7%8F%E2%80%99%E2%80%99+-+%E2%80%98%E2%80%98%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E2%80%99%E2%80%99+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
යාපනය - මනිපායි - ඉනුවිල් ප්‍රදේශයට ආවා කල්ලි සාමාජිකයින් ඊයේ පැමිණ ඇත්තේ ඔවුන්ගෙන් වෙන්වූ කොලින් කල්ලියේ ප්‍රධානියාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට බවට පොලිසිය සැක පළ කරනවා.

ආවා කල්ලි සාමාජිකයින් විසින් තියුණු ආයුධ සමඟ නිවාස කිහිපයකට පහරදීම සඳහා පැමිණෙන බවට මනිපායි පොලිසියට තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා රථවාහන පරීක්ෂා තිබෙනවා.

එහිදී තියුණු ආයුධ රැගෙන යතුරුපැදි 03 කින් පැමිණි ආවා කල්ලි සාමාජිකයන් නිරීක්ෂණය කර ඇති අතර, ඔවුන්ට නතර වීමට අණ කිරීමේදී පොලිස් නිලධාරීන්ට කඩුවලින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන්ට වෙඩි තබා තිබෙනවා. වෙඩි ප්‍රහාරයත් සමඟ ඉදිරියට ගමන් කළ එක් යතුරුපැදිකරුවෙකු අසල තිබූ තාප්පයක ගැටී ඇති අතර, එම අවස්ථාවේදී වෙඩි වැදී තුවාල ලබා සිටි එක් ආවා කල්ලි සාමාජිකයෙකු පොලිස් භාරයට ගත් බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

අනතුරුව ඔහු යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ ආවා කල්ලි සාමාජිකයා කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

ආවා කල්ලි සාමාජිකයින් පැමිණි යතුරුපැදිය අනතුරට ලක්වූ ස්ථානයේ තිබී කඩු දෙකක්, කෙටේරි දෙකක් පොලිසිය සොයා ගත්තා. ඊට අමතරව පැමිණි ආවා කල්ලි සාමාජිකයෙකුගේ මුදල් පසුම්බියක්ද එම ස්ථානයේ වැටී තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර, ඔහු මනිපායි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බව අනාවරණ වී තිබෙනවා.

පොලිස් භාරයට ගත් යතුරුපැදියේ අංක තහඩුව ව්‍යාජ එකක් බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීයා තවදුරටත් සඳහන් කළේ.

පළාගිය අනෙක් ආවා කල්ලි සාමාජිකයින් පස් දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 ආවා කල්ලි සාමාජිකයන් තමන්ගෙන් වෙන්ව කටයුතු කරන කොලින් කල්ලියේ සාමාජිකයන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ දේපළවලට හානි සිදුකිරීම මීට පෙරද වාර්තාවී තිබෙනවා.

එලෙස ඊයේ දිනයේදීද ඔවුන්, කොලින් කල්ලියේ ප්‍රධානියාගේ නිවසේ දේපළවලට හානි සිදුකිරීම සඳහා මෙලෙස පැමිණෙන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මේ අතර ඊයේ රාත්‍රි 9.20 ට පමණ රත්ගම - කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම පාතාල කල්ලි අතර ගැටුමක් බවට පොලිසිය සැක පළ කරනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව 26 හැවිරිදි සමීර චන්දිමාල් නැමති අයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහුගේ වැඩිමහල් සහෝදරයා ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයාට ගාල්ල සහ බලපිටිය අධිකරණවල නඩු කිහිපයක්ද පවතිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories