update :- පූජිත් සහ හේමසිරිට ඇපදීමට එරෙහිව නීතිපතිගේ ප්‍රතිශෝධිත අයඳුම්පත ගැන විභාගය කල් යයි

Tuesday, 23 July 2019 - 9:53

update+%3A-+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%BA%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය සලකා බැලීම අගෝස්තු මස 1 වන දා දක්වා කල් දමා තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ අදාළ ප්‍රතිශෝධන ඇප අයඳුම්පත්‍රය සලකා බැලීම අද උදෑසන ආරම්භ වුණා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අද ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය සලකා බැලීමේ අවස්ථාවට පැමිණ සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව සඳහන් කරමින් නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය ගොනු කරනු ලැබුවේ පසුගිය 18 වන දායි.





10:56 AM ,Tuesday, July 23, 2019
...................................

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර කොළඹ මහාධිකරණයට පැමිණේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදීමට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය පිළිබඳ සලකා බැලෙන අවස්ථාව සඳහා ඔවුන් දෙදෙනා මේ වන විට කොළඹ මහාධිකරණයට පැමිණ සිටිනවා.

ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව සදහන් කරමින් නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය ගොනු කරනු ලැබුවේ පසුගිය 18 වන දායි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැණුනු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පසුගිය 9 වනදා ඇප මත මුදා හරිනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories