හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය අද යළි දිවයිනට ?

Tuesday, 23 July 2019 - 12:49

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%3F
සිංගප්පූරුවේදී හෘද සැත්කමකට ලක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද යලි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

මැදමුලන - ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 දශම 9ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩුව ලබන 26 වනදා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යලි විභාගයට ගැනීමට නියමිතයි.

පසුගිය මස 19 වනදා මෙම නඩුව කැදවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ මැයි මස 31 වනදා තම සේවාදායකයාට සිංගප්පූරු රෝහලකදී හෘද සැත්කමක් සිදුකළ බවයි.

ඒ අනුව විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය අවසරය ලබාදුන් අතර, එම කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මේ වනවිට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

එක්සත් රාජධානියෙන් කසල බහාලූම් තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories