වරාය නගරය කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට

Wednesday, 24 July 2019 - 7:55

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරයේ ගොඩකළ භූමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික් පරිපාලන ඒකකයට ඇතුළත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඊයේ සම්මත වුණා.

මෙමඟින් වරාය නගරය කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුළත් වනවා.

වරාය නගරය අයත් භූමි ප්‍රමාණය අක්කර 1105ක් වන අතර එය මුහුද ගොඩ කරමින් ඉදිකළ නගරයක්.

මේ අතර, විදේශිය රටවල්වල අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ ඒ හරහා රටට සිදුවන හානිදායක තත්ත්වයන් පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඊයේ අවධානය යොමු කෙරුණා.

එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමත් සමඟ සංවාදාත්මක තත්ත්වයක් ඇතිවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories