ටී -56 ගිනි අවි අස්ථානගත වීම ගැන පරීක්ෂණ සී.අයි.ඩී. යට

Wednesday, 24 July 2019 - 9:40

%E0%B6%A7%E0%B7%93+-56+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.+%E0%B6%BA%E0%B6%A7
පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබූ ටී - 56 ගිනි අවි දෙකක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණේ ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්වයි.

පසුගිය 6 වනදා මෙම ගිනි අවි දෙක අස්ථානගතවී ඇති බව වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් - 1 භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ද සිදුකෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories