අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කිරීම ගැන තීන්දුව කල් යයි

Wednesday, 24 July 2019 - 10:38

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීමකට අනුව මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳ නඩුවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරන්නේද නැද්ද යන තීරණය ලබන මස 09 වනදා ලබා දෙන බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද දැනුම් දුන්නා.

ඒ මෙම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එමෙන්ම හිටපු මහබැංකු අධිපතිට වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීමට පදනම් වන කරුණු තිබේ නම් ඒවා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ලබන මස 09 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙසද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා.

මෙම නඩුව පසුගිය 19 වනදා කැදවූ අවස්ථාවේදි නීතිපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් නියෝග දෙකක් ඉල්ලා තිබුණා.

ඒ, බැදුම්කර වංචාවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කිරීම සහ දැනට අධිකරණය මඟහැර සිංගප්පූරුවේ වෙසෙන මෙම නඩුවේ 10 වන විත්තිකරු වන පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවාට සිතාසි නිකුත් කරන ලෙසටයි.

ඒ අනුව නඩුව අද කැදවූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා නඩුවේ 10 වන විත්තිකරුට සිතාසි නිකුත් කිරීමට විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට අවසර ලබා දුන්නා.

ඉකුත් 19 වනදා නඩුව කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් කියා සිටියේ නඩුවේ පළමු විත්තිකරු වන අර්ජුන මහේන්ද්‍රන්ට සිතාසි බාර දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසටයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් අද සිය තීරණය ප්‍රකාශ කරන බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එදින දැනුම් දුන්නා. එමෙන්ම එදින අධිකරණය හමුවේ පෙනී සිටි අර්ජුන් ඇලෝසියස් සහ ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණය අධිචෝදනා භාර දීමෙන් අනතුරුව ඇපමත මුදා හරිනු ලැබුවා.

මෙහිදී විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටින අර්ජුන් අලෝසියස්, ජෙෆ්රි ඇලේසියස්, මුතුරාජා සුරේන්ද්‍රන් සහ රංජන් හුළුගල්ල යන විත්තිකරුවන්ගේ මව් භාෂාව සිංහල නොවන බැවින් ඔවුන්ට මෙම අධිචෝදනා පත්‍රයේ දෙමල සහ ඉංගී‍්‍රසි පරිවර්තනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවා. එම ඉල්ලීම්වලට එකඟතාව පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන නඩුවේ චෝදනා පිළිබඳව විත්තිකරුවන්ට අවබෝධයක් ලබාගැනීම වැදගත් බැවින් ඔවුන් ඉල්ලා සිටින පරිවර්තන ලබාදීමට තමන් සූදානම් බව දැනුම් දුන්නා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, එම බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි, පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, මිත්‍ර ගුණවර්ධන, රංජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අය නම් කර තිබෙනවා.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 10058ක් වටිනා භාණ්ඩාර බැදුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුලින් පොදුදේපල පනත යටතේ වරදක් සිදු  වරවරදක් සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් මොවුන්ට චෝදනා ගොනු කර වරදක් සිදු කර ඇති බවට නීතිපතිවරයා මොවුන්ට චෝදනා ගොනු කර තිබෙනවා.

මීට අමතරව, එම වෙන්දේසියේදී රුපියල් බිලියන 10058ක් වටිනා භාණ්ඩාගාර බැදුම්කර බැහැර කිරීමේදී සාපරාධි විශ්වාසය කඩ කිරීම තුලින් රජයට රුපියල් හැට අට කෝටි 87 ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළ බවට හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ එහි නියෝජ්‍ය අධිපතිවරයාට එල්ල වී ඇති තවත් චෝදනාවක්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories