වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ සිටි සැකකරුවන් අතර ඇප මත මුදා හැරි දෙදෙනෙක්

Wednesday, 24 July 2019 - 13:13

%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට යොදා ගත් බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ පුත්තලම - වනාතවිල්ලූව - ලැක්ටෝ වත්තේ සැක කටයුතු අන්දමින් රැදී සිටි පුද්ගලයන් 6 දෙනෙකු පොලීසිය අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප්‍රහාරයට පෙර අදාළ වත්තේ සිටියදී අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින පුද්ගලයන් දෙදෙනෙකු ද සිටින බවයි පොලීසිය සදහන් කළේ.

තමන් වත්තේ පොල් ගස්වලට වතුර දැමීමට සහ කුකුළු ගොවිපලේ භාණ්ඩ රැගෙන යාමට පැමිණි බව සැකකරුවන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, හිමිකරුට හැර කිසිදු පුද්ගලයෙකුට අදාල වත්තට ඇතුළු වීම අධිකරණය විසින් මේ වනවිට තහනම් කර ඇත්තේ මෙහි තිබී පුපුරණ ද්‍රව්‍ය හමුවීමෙන් පසුවයි.

එම තහනම ද නොතකමිනුයි මෙම සැකකරුවන් 6 දෙනා ලැක්ටො වත්තට අද අලූයම ඇතුළු වී ඇත්තේ.

පසුව, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලූව පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර එනම්, පසුගිය ජනවාරි මස 16 වනදා ලැක්ටො වත්තේ තිබියදී ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories