ගෝඨාභයට එරෙහි විශේෂ මහාධිකරණ නඩුව මාස දෙකකට අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Thursday, 25 July 2019 - 12:10

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය ඔක්තෝම්බර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලූ බුවනක අලූවිහාරේ, ගාමිණී අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 33යි දශම 9ක රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු  විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

මෙම නඩුව හෙට යලි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමටයි නියමිතව තිබුණේ.

මෙම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර එම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ පසුව අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළා.

එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිරකණය පසුව එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබුණා.

එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණ සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නා.

අනතුරුවපෙත්සම් විභාගය ඔක්තොම්බර් මස 01 වනදා කැදවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස දන්වා නියෝගයක් ද නිකුත් කළාය.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories