බ්‍රිතාන්‍යයේ කසළවල මිනිස් ශරීර කොටස් තිබේද?රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

Thursday, 25 July 2019 - 12:44

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%83%E0%B7%85%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%9A%E0%B6%AF%3F%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍යයෙන් මෙරටට රැගෙනවිත් ඇති කසළවල මිනිස් සිරුරු කොටස් ඇතුලූ සායනික ද්‍රව්‍ය තිබේද යන්න සෙවීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ කියා සිටියේ මේ වනවිට කොළඹ වරායේ පවතින කසළ බහාලූම් තුළින් දැඩි දුර්ගන්ධයක් වහනය වන බවයි.

මෙට්ට සෑදීමට බව පවසමින් මෙලෙස ගෙන්වන ලද කසළ තොගයෙන් කොටසක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පෞද්ගලික සමාගමට අයත් භූමියක තැන්පත් කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ සඳහන් කළේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව එය පවත්වාගෙන ගොස් ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.

එසේම කැලිකසල රටකින් තවත් රටකට රැගෙන යාම බාසෙල් සම්මුතිය මගින් තහනම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රිතාන්‍යය ද මෙම සම්මුතියට අත්සන් තබා ඇති අතර එසේ තිබියදී බ්‍රිතාන්‍යයේ කසල මෙරටට එවීම සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ පිහිටි බාසෙල් ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කළ බවද මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ සඳහන් කළා.












Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories