ත්‍රී රෝද රථයක් ගිනිගෙන විනාශ වෙයි

Monday, 29 July 2019 - 16:12

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ මැඩිතලේ ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ගිනිගෙන විනාශවී තිබෙනවා.

ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබියදී ත්‍රී රෝද රථය ගිනිගෙන ඇති අතර අඹුසැමි යුවළක් සහ කුඩා දරුවෙක් එම අවස්ථාවේ එහි ගමන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ත්‍රී රෝද රථය පිටුපසින් ගිනිගන්නා අයුරු දුටු රියදුරු ත්‍රී රෝද රථයෙන් පැන බිරිඳ සහ දරුවා ඉවත්කරගෙන තිබෙනවා.

 අනතුරුව ත්‍රී රෝද රථය පිටුපසට ඇදී ගොස් පෙරලී ගිය බව ප්‍රකාශකර තිබෙනවා.

බිරිඳගේ ගුරු පත්වීමක් සඳහා වන සම්මුඛ පරීක්ෂණයකට යමින් සිටියදී ත්‍රී රෝද රථය ගිනිගෙන ඇති අතර එහිදී සහතික පත් ඇතුලු සියලුදෑ විනාශවී ඇතැයි සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories