පූජිත් සහ හේමසිරි අදත් මහාධිකරණයේ

Thursday, 01 August 2019 - 14:54

%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අද පෙරවරුවේ කොළඹ මහාධිකරණයට පැමිණියා.

ඒ, පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාල බුද්ධි තොරතුරු වසන් කිරීමේ චෝදනාවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද කොළඹ මහාධිකරණයේදී කැදවීම හේතුවෙන්.

පෙරවරු 9යි 30ට පමණ මොවුන් දෙදෙනා මහාධිකරණයට පැමිණි බවයි හිරු අධිකරණය වාර්තාකරු කියා සිටියේ.

නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සම පසුගිය 23 වනදා කැදවූ අවස්ථාවේ කරුණු තහවුරු කිරීම සඳහා එය අද දිනයේ කැදවීමට මහාධිකරණය තීරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories