නිශ්ශංක සේනාධිපතිට සහ පාලිත ප්‍රනාන්දුට වරෙන්තු

Friday, 02 August 2019 - 11:49

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද වරෙන්තු නිකුත් කලා.

ඒ, ගාලූ වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකරදීම සදහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවට පෙනී නොසිටිම හේතුවෙන්.

මෙහිදි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ ගාමිණී මාරපන අධිකරණය හමුවේ ප්‍රකාශ කලේ සිය සේවා දායකයා මේ වන විටත් සිංගප්පුරුවේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මේ වන විටත් රිමාන්ඞ් භාරයේ පසුවන බව විත්තියේ නිතිඥ වරයා අධීකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියා.

මීට අදාල නඩුවලබන 07 වනදා යලි කැදවිමට නියමිතයි.

මේ අතර ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැදවනු ලැබුවා.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් දැනට බන්ධාගාරගතව සිටින ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුලූ විත්තිකරුවන් හතර දෙනා මේ මස 09 වනදා දක්වා යලි රක්ෂීත බන්ධනාගාර ගත කිිරිමටයි නියෝග කෙරුණේ.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories