ප්‍රධාන පුහුණුකරු පත් කිරීම පමා වුවහොත් නවසීලන්ත සංචාරයේදී ඒ කණ්ඩායමේ පුහුණුකරු ?

Friday, 02 August 2019 - 19:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%3F
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීම ප්‍රමාද වුවහොත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නවසීලන්ත සංචාරයේදී ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මේ වන විට ලොව ප්‍රධාන පෙළේ ක්‍රිකට් පුහුණුකරුවන් 3 දෙනෙකු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉල්ලූම් කර ඇති බව සඳහන්.

ඉදිරි සතිය තුළ ඔවුන් පිළිබඳ අවසන් එකඟතවකට පැමිණීමට අපේක්ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අද වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරඟ දෙකකට සහ විස්සයි විස්ස තරඟ 3කට සහභාගිවීම සඳහා නවසීලන්ත කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories