ආනයනික කිරිපිටි මිල ඉහළට

Saturday, 03 August 2019 - 7:47

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අගෝස්තු 1 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 15කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400යේ පැකට්ටුවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට අවසර ලබාදුන් බවයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළේ.

කිරිපිටි මිල සංශෝධනය කිරීමේ සූත්‍රයට අනුව මෙම මිල වෙනස් කිරීම සිදුවූ බව ද එම අධිකාරියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.  
ආනයනික කිරිපිටි සඳහා මිල නියමකිරීම සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයේ අවධානය ද යොමු වුණා.

කිරිපිටි ආනයනයකරුවන් සහ පාරිභෝගික අධිකාරිය අතර ඇතිකරගත් එකඟතාවන්ට අනුව අධිකාරිය විසින් ආනයනික කිරිපිටිවල උපරිම සිල්ලර මිල නියම කිරීම සිදුකරන බව එහිදී ප්‍රකාශ වී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories