update: වස්කඩුවේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 6 ක් මරුට - 52 ක් රෝහලේ

Sunday, 04 August 2019 - 6:48

update%3A+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+52+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කළුතර උතුර - වස්කඩුව  ප්‍රදේශයේදී ගාලූ පාරේ අද අලූයම සිදුවූ  රිය අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

ලංගම බස් රථය තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ ගැටී තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් පනස් දෙදෙනෙකු කළුතර නාගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු සහ කාන්තාවන් අටදෙනෙකු මෙන්ම කුඩා දරුවෙකුද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මියගිය පිරිස අතර කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

update :Sunday, 04 August 2019 - 07.19
-------------------------------------------------------------------

කළුතරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 5ක් මරුට

කළුතර වස්කඩුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් අද අලුයම මෙම අනතුර සිදුවී තිබෙනවා.

ලංගම බස් රථය තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ ගැටී තිබෙනවා.

මියගිය පිරිස අතර කාන්තාවන් තුන්දෙනෙකු ද වන බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories