අගෝස්තු 15 ට පෙර තීන්දුවක් නැත්නම් පළාත් සභා මැතිවරණය ලබන වසරේ

Sunday, 04 August 2019 - 12:34

%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+15+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A
අගෝස්තු 15 වනදාට පෙර අධිකරණ නියෝගයක් නොලැබෙන්නේ නම් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔක්තෝම්බර් 15 වනදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් මාස දෙකක කාලයක් අවශ්‍ය වන බව දැනටමත් දැනුම්දී ඇති බවයි.

ඒ අනුව අගෝස්තු 15 වනදාට පෙර ඒ සඳහා නියෝගයක් අවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එසේ නොවුවහොත් ජනාධිපතිවරණය සඳහා බලපෑමක් ඇතිවන බැවින් පළාත් සභා මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට සිදුවනු ඇති.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සැප්තැම්බර් විස්ස සහ ඔක්තෝම්බර් 15 යන අතර කාලය තුළ මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

පළාත් සභා මැතිවරණ පවත්වන්නැයි රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඉදිරිපත් කර ඇති පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබන 27 වනදා සළකා බැලෙනවා.

මෙය සැප්තැම්බර් 9 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබුණද ජාතික වැදගත්කම අනුව කළින් සළකා බැලීමට තීරණය කෙරුණා.

කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සමකට අදාළව අගෝස්තු 15 වනදාට පෙර විනිශ්චයක් ලැබීමේ අවස්ථාවක් පවතින බව මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත ඉදිරිපත් කර ඇති පෙත්සමකට අදාළව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාගේ මතය විමසා තිබෙනවා.

එය ලබන 7 වනදා ප්‍රකාශ කරන ලෙසයි නීතිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ.

ඒ අනුව විනිශ්චයක් ලබාදුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories