වස්කඩුව බස් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළට - 71 දෙනෙකු රෝහලේ

Sunday, 04 August 2019 - 12:41

%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+6+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+71+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
ගාලූ පාරේ කළුතර උතුර - වස්කඩුව  ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ  රිය අනතුරෙන්  මියගිය සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 71 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් 68 දෙනෙකු මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

තවත් තුන්දෙනෙකු පානදුර මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන්.

ඇල්පිටියේ සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථය තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී මුලතිව් සිට තංගල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී අද අලූයම 4.45 ට පමණ  මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් තුවාල ලැබූවන් අතර ළමයින් පස්දෙනෙකුද වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.  

අනතුරින් මියගිය පිරිස අතර ලංගම බස් රථයේ රියදුරුද වන අතර, ඔහු පැලවත්ත - වැල්මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පෞද්ගලික බස් රථයේ රියදුරුද තුවාල ලබා මේ වනවිට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුරට හේතුව අපරීක්ෂාකාරී රිය ධාවනය බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි  පොලීසිය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories