ජේ.එම්.අයි. තහනම් සංවිධානයේ අනුරාධපුර නායකයා අත්අඩංගුවට

Sunday, 04 August 2019 - 17:41

%E0%B6%A2%E0%B7%9A.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග තහනම් කරනු ලැබූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් හෙවත් ජේ.එම්.අයි. සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ මොහොම්මදු ස්මයිල් මොහොම්මද් සල්මාන් නැමැත්තා අම්පාර පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් මොහු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළියේදී අවි පුහුණුව ලැබූ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.

මේ අතර, ජේ.එම්.අයි. සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායකයා ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔලූවිල් විශ්වවිද්‍යාලය තුළ එම සංවිධානයේ මත වාද ප්‍රවර්ධනය කළ ශිෂ්‍යයෙකු ද ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories