ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කෙරේ

Tuesday, 06 August 2019 - 8:00

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A5%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ගුරු මාරු සඳහා 2007 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ගුරුවරුන්ගෙන් ඉටු වන හා ඉටු කරන ජාතික සේවාව පූර්ණ සැලකිල්ලට ගෙන ස්වාධීන හා විනිවිද පෙනෙන ගුරු මාරු ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.

රජයේ සේවයේ සෙසු මාරුවීම් ප්‍රඥප්ති හා ගැලපෙන පරිදි ගුරු මාරු ප්‍රඥප්තිය ද සකස් විය යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම සංශෝධන සිදුකිරීමේදී ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ ද අදහස් හා යෝජනා ගන්නා බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories