ජනපති සහ විපක්ෂ නායක දීර්ඝ සාකච්ඡාවක

Tuesday, 06 August 2019 - 13:22

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති නිල නිවසේදී රාත්‍රී 9.30ට පමණ ආරම්භ වූ මෙම සාකච්ජාව පැයකට අධික කාලයක් පැවති බවයි.

එම සාකච්ඡාවේදී ඉදිරි දේශපාලන කටයුතු, ජනාධිපතිවරණය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු වීම පිළිබඳව ද අදහස් හුවමාරු වී ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.

මේ අතර, හිරු ටී.වී. ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන සංවාදයට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවනු ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද පෙරවරුවේ කොළඹ - ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බවට ද හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.

මෙම සාකච්ජාවට පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු එක්වී තිබෙනවා.

මේ අතර, උතුර - නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ කිහිපයක නියෝජිතයින් පිරිසක් ඊයේ රාත්‍රියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුණ ගැසුණා. එ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදීයි.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ඩග්ලස් දේවානන්දා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ප්‍රභා ගනේෂන් සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන වර්ධරාජා පෙරුමාල් ඇතුළු පිරිසක්  එක්ව සිටියා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ද එහිදී අදහස් දක්වා සිටියා.

ඉදිරියේදී පිහිටුවීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ නැමති පුළුල් සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබද අවසන් තීන්දුවක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

විපක්ෂ නායක නිල නිවසේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේදී තවදුරටත් අදහස් හා යෝජනා ලබාගැනීමෙන් අනතුරුව අවසන් කෙටුම්පත සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලබා ගැනීමටයි නියමිතව ඇත්තේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories