උණ රෝගීන්ට ලබාදෙන ඖෂධ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Thursday, 08 August 2019 - 11:22

%E0%B6%8B%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුලූ ප්‍රතිඅසාත්මික වේදනානාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ දිනවල පවතින නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කවල ඩෙංගු වාර්තාවීම ඉහළ යාමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඩෙංගු රෝගීන් ඇස්ප්‍රීන්, ඉබුප්‍රොෆේන්, ඩයික්ලෝෆිනැක් සෝඩියම් සහ මෙෆනමික් ඇසිඞ් වැනි ප්‍රති අසාත්මික වේදනානාශක මෙන්ම ස්ටිරොයිඞ් ගණයට අයත් ඖෂධ වර්ග භාවිත නොකරන ලෙසටයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

උණ රෝගී තත්වයෙන් පෙළෙන රෝගියෙකු මෙවැනි ඖෂධ ලබාගතහොත් ඔහුට ඩෙංගු රෝගය වැළඳී ඇත්නම් එය උත්සන්න වී මාරාන්තික වීමේ හැකියාවක් පවතිනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories