අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්‍ෂගේ ස්ථාන මාරුව අවලංගුයි

Thursday, 08 August 2019 - 12:53

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ අයි.බී.සී.කේ. ඉලංගසිංහට ආයතනික අංශය වෙත ලබාදුන්  ස්ථාන මාරුව අවලංගු කර, ඔහු පෙර සේවය කළ ස්ථානයේම පිහිටවූ බව අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඊයේ එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

මොහු පෙර සේවය කළ ස්ථානයේම පිහිටුවන ලෙසට මෙම කොමිසම මීට පෙර නියෝගයක් ද ලබාදී තිබුණා.

පාසල් පොත්වල අමතර වියදමක් දරමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ රුව සහිත වර්ණ ඡායාරූපයක් පළ කිරීම සම්බන්ධයෙන් ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ලෙස එවකට කටයුතු කළ අයි.බී.සී.කේ. ඉලංගසිංහ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුවයි ඔහුට මෙම ස්ථාන මාරුව ලබා දුන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහගේ අත්සනින් යුතුව පසුගිය ජූලි 24 වනදා මෙම ස්ථානමාරුව ලබාදී තිබෙනවා.

පසුව මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව සාධාරණ හේතුවක් නොමැති බැවින් එය අවලංගු කරන ලෙසටයි  අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී තිබුණේ.

මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම සම්බන්ධව කොමිසමට ලැබී ඇති පැමිණිල්ලකට අනුව එහි පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ රජයේ තක්සේරු දෙපාර්තමේන්තු නිලධාරීන් හතරදෙනෙකු අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණියා.

එහිදී වී ගබඩා කර තිබූ ස්ථානය පරීක්ෂා කර තක්සේරු කිරීම් ආරම්භ කර ඇති බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories