ජම්බුගස්මුල්ලේ වෙඩි තැබීම ඇල්ලූ පස්දෙනෙකු රිමාන්ඩ්

Thursday, 08 August 2019 - 13:12

%E0%B6%A2%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
නුගේගොඩ - ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරිමේ  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනෙකු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මොවුන් නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් හැරිස් පැල්පොල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකුට මීට පෙර අධිකරණය ඇප නියම කළ අතර, අද දිනයේදීද තවත් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා.

එසේම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වනවිට රටින් පලාගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියා්තමක බවත් කොහුවල පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

නුගේගොඩ - ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට වෙඩි තබනු ලැබුවේ පසුගිය මස 28 වනදායි.

එහිදි එක් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, අනෙක් ව්‍යාපාරිකයා තුවාල ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories