වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

Thursday, 08 August 2019 - 17:13

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
උතුරු බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ හට ගෙන ඇති පීඩන අවපාතය හේතුවෙන් තවදුරටත් තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයින වටා මුහුදේ කුඩා යාත්‍රා මගින් ධීවර කටයුතු සිදුනොකරන ලෙසයි ධීවර දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ.

දිවයිනට බලපා ඇති වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 1134 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, උතුර සහ නැගෙනහිර පළාත්වලට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 6 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම, තද සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර, වව්නියාව, කෑගල්ල, පුත්තලම, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල නිවාස 271 කට අර්ධ හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්ක වල සුළගේ වේගය රාත්‍රී කාලයේදී පැයට කිලෝමීටර් 70ත් 80 ත් ඉහළ යා හැකි බවයි.

එමෙන්ම, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 36 ක කාලය තුළ මිලිමීටර් 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු වන බව ද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

අද උදෑසන 10 න් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ ගම්පහ - දිවුලපිටිය ප්‍රදේශයෙන්. ඒ, මිලිමීටර 98.5 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories