ප්‍රතිජීවක ඖෂධ ආනයනයේදී, සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලියන 71 ක අමතර වැයක්

Friday, 09 August 2019 - 7:33

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%9A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+71+%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ජගත් චන්ද්‍රගුප්ත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදී තිබෙනවා.

ඒ, ප්‍රතිජීවක ඖෂධ ආනයනය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩල තුළ සිදුව ඇති අක්‍රමිකතා දූෂණ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති පැමිණිල්ලකට අදාළවයි.

එහිදී කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ජගත් චන්ද්‍රගුප්ත සඳහන් කර ඇත්තේ අවම මිලකට ඖෂධ ලබාගැනීමේ ක්‍රියාවලිය නිසිලෙස ඉටුකිරීමට නොහැකි වූ බවටයි.

අදාළ ඖෂධ තොගය ආනයනය කිරීමේදී මහජන මුදල් රුපියල් මිලියන 71 ක් පමණ අමතර වැයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරා ඇති බව කොමිෂන් සභාවේ අදහස වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories