පුටින් බලයට පැමිණ 20 වසරක් සපිරේ

Friday, 09 August 2019 - 11:17

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+20+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
රුසියානු ජනාධිපති වැලිදිමීර් පුටින් එරට නායකත්වයට පැමිණ අදට 20 වසරක් සපිරෙනවා.

හිටපු ජනාධිපති බෝරිස් යෙල්සින් විසින් එවකට රුසියානු ඔත්තු සේවාවේ ප්‍රධානියා වූ පුටින් වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ 1999 වසරේ අගෝස්තු 9 වන දායි.

එතැන් පටන් රුසියානු ජනාධිපතිවරයා ලෙස සහ නැවතත් අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු යළි ජනාධිපති ධුරයට පත්වූ ඔහු එරට අසහාය නායකයා ලෙස කටයුතු කරනවා.

2000 වසරේ සියයට 84ක මහජන ප්‍රසාදයක් හිමි කර ගත් රුසියානු නායකයාගේ ජනප්‍රියත්වය ඉන් පසු කිසිදා සියයට 60ට වඩා අඩු නොවූ බවයි රුසියානු මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ නමුත්, පුටින්ගේ පාලනය යටතේ ක්‍රයිමියාව ඈදා ගැනීම සහ යුක්රේනය සමඟ සබදා පළුදු වීම ආදී හේතුන් මත රුසියාව සහ බටහිර ලෝකය අතර දැන් දුරස්ථ බවක් වර්ධනය වෙමින් පවතිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories