සෞඛ්‍ය ඇමතිට මැතිසබයේදී චෝදනාවක්

Friday, 09 August 2019 - 13:26

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් රැසක පවතින ඖෂධ හිඟයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙතෙක් අපොහොසත් වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමින්.

ඊට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පිළිතුරු ලබාදීමේදී උණුසුම් තත්ත්වයක් ද ඇති වූ අතර, ඊට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ද මැදිහත් වුණා.

එමෙන්ම, රටට අහිතකර ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ කල් තැබීමේ යෝජනාවක් මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු ජනමාධ්‍ය විවෘත කිරීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 05 අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ, කථානායක කරු ජයසුරියගේ සහ කෝප් කමිටුවේ සභාපති ජනතා විමුත්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories