ඉදිරි සතියේ ජනපති සහ ගෝඨාභය අතර හමුවක්

Saturday, 10 August 2019 - 12:40

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.

මීට පෙර ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවේදී එළඹි තීන්දු තීරණ පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණ කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායකවරයා අතර හමුව පසුගිය අඟහරුවාදා රාත්‍රියේ පැවැත්වුණේ ජනාධිපති නිළ නිවසේදියි.

ඉදිරි දේශපාලන කටයුතු, ජනාධිපතිවරණය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු වීම පිළිබඳව ද එම සාකච්ඡාවේදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී තිබුණා.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මේ වන විට කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත වී සිටින අතර අද පස්වරුවේ යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට මේ වන විට ප්‍රකාශ වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories