ගම්වාසීන් අල්ලා දුන් සැකකරුවෙකු මට්ටක්කුලිය පොලීසියේදී මියයයි

Saturday, 10 August 2019 - 15:15

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මට්ටක්කුලිය - කදිරාන වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලීසිය තුළදී හදිසියේ මියගොස් තිබෙනවා.

සොරකමේ පැමිණි බවට සැකකරන ඔහු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් කෑ ගැසීමේදී එහි 3 වන මහලෙන් බිමට පැන ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් සැකකරු තමන් භාරයට ගෙන අද අලූයම මට්ටක්කුලිය පොලීසියට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද උදෑසන 8 ට පමණ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු හදිසියේ මියගොස් ඇති අතර, මරණ පරීක්ෂණයෙන් පසු ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මට්ටක්කුලිය - කදිරාන වත්ත ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ මියයාම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ අදහස් දක්වමින් කියා සිටියේ පොලිීසිය විසින් පහරදි මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ කොළඹ උතුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories