ජනපති අපේක්ෂකයා නම් කරන පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය අද

Sunday, 11 August 2019 - 8:19

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.

පස්වරු 3 ට ආරම්භ වන මෙම ජාතික මහා සම්මේලනයේ සියලූ කටයුතු මේ වනවිටත් සූදානම් කර අවසන් බවයි එහි සිටින අප වාර්තාකරුවන් පවසන්නේ.

එම අවස්ථාවට එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සියලූ දේශපාලන පක්ෂවලට සහ කණ්ඩායම්වලට මේ වනවිටත් ආරාධනා කර අවසන් බවයි පැවසෙන්නේ.

අද පැවැත්වෙන සම්මේලනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ ලෙස නම් කරන බවයි එම පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුගිය දිනවල ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම, අද පැවැත්වෙන සම්මේලනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට භාරදීමට නියමිත බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා කියා සිටියා.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම ජාතික සම්මේලනයේ සංවිධාන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ කංචන විජේසේකර ඊයේ පස්වරුවේ ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණියා.

මේ අතර, පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන පොදු සන්ධානය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණ නොමැති අතර, එය සිදුවනතුරු පොදුජන පෙරමුණේ රැළිවලට සහභාගි නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් මෙම සම්මේලනයට සහභාගි වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories