ඉන්දියාවේ මෝසම් ජල ගැල්මෙන් 114ක් මියයයි

Sunday, 11 August 2019 - 10:04

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+114%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ ප්‍රාන්ත රැසක මෝසම් වැසි සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 114 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජල ගැල්මෙන් වැඩිම හානියක් සිදුව ඇති කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් 57 දෙනෙකු මියගොස් ඇති අතර, පසුගිය දින දෙක තුළ එක්ලක්ෂ 66,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව සඳහන්.

ගුවන් ධාවන පථය ජලයෙන් යටවීම නිසා වසා දැමුණු කේරලයේ කොචින් ගුවන් තොටුපල අද පස්වරුවේ යළි විවෘත කිරීමට නියමිතයි.

ඉන්දීය ආරක්ෂක අංශ ජීවිතාරක්ෂක මෙහෙයුම්වල නිරත වන අතර, අතරමං වී ඇති පිරිස්වලට ගුවනින් ආහාර හෙලීමටද පියවර ගෙන තිබෙනවා.

කේරලය මෙන්ම කර්නාටක මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් ප්‍රාන්තවලටද ජල ගැල්මෙන් විශාල හානියක් සිදුව ඇති බව වාර්තා වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories