සේවකයෙකු ඝාතනය කර පොල්ගහවෙල ඉන්ධනහල කොල්ලකෑ අය සොයා CCTV ඔස්සේ පරීක්ෂණ

Sunday, 11 August 2019 - 12:40

%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%84%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%84%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91+%E0%B6%85%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+CCTV+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
පොල්ගහවෙල - කහවත්තේඇල ප්‍රදේශයේ ඉන්ධනහලක සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සී සී ටී වී දර්ශන ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු එහි සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කර මුදල්ද කොල්ලකා පලාගොස් තිබුණේ අද අලූයම 12.15ට පමණයි.

අංක රහිත යතුරුපැදියකින් ජැකට් සහ හිස්වැසුම් පැළඳ කොල්ලකරුවන් පැමිණ  ඇති අතර, ඔවුන් කොල්ලකන ලද මුදල් ප්‍රමාණය මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ එක් සේවකයෙකු පමණක් ඉන්ධන හලේ සේවය කරමින් සිට ඇති බවයි වාර්තාවන්නේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අරණායක - දෙයියංවල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories