වෙඩි වැදුණු කෙනරක්, මහියංගණයේ - ප්‍රදේශවාසීන්ගෙන් වනජීවියට චෝදනා

Monday, 12 August 2019 - 7:22

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මහියංගනය - වේවත්ත ප්‍රදේශයේ විලකණ්ඩිය වැවේ වෙඩි වැදුණු ගැබ්බර කෙනරක් අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් තිස්සේ වැටී සිටින බව ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත්, ඔවුන් සඳහන් කළේ වනජීවි නිලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් කෙනරට ප්‍රතිකාර කිරීම සඳහා එම නිලධාරීන් නොපැමිණි බවයි.  

අප මේ සම්බන්ධයෙන් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාරගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අදාළ නිලධාරීන් මේ වනවිටත් ඊට අදාළ පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් මේ දක්වා වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයේ පසුවන ගැබ්බර කෙණරට ප්‍රතිකාර නොකිරීම සම්බන්ධයෙන් අප ඔහුගෙන් විමසා සිටි අතර, එහිදී ඔහු සඳහන් කළේ ගම්වාසීන්ගේ ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බවයි.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories