කොම්පඤ්ඤවීථියේදී රූපලාවන්‍යාගාර කළමනාකරුවෙකු ඝාතනය කරයි -5 ක් අත්අඩංගුවට

Monday, 12 August 2019 - 12:23

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%80%E0%B7%93%E0%B6%AE%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොම්පඤ්ඤ වීථිය - මුත්තයියා මාර්ගයේදී තරුණයින් පස්දෙනෙකු සිදුකළ පහරදීමකින් රූපලාවන්‍යාගාරයක කළමනාකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලූයම මෙලෙස මියගොස් ඇත්තේ පයාගල - හල්කඳවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තිදරු පියෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මොහු සිය අනියම් පෙම්වතිය සමඟ ගාලූමුවදොර ප්‍රදේශයේ අවන්හලකින් මත්පැන් පානය කර ත්‍රිරෝද රථයකින් කොම්පඤ්ඤවීථිය - ස්ටැපල් වීථියේ පිහිටි රූපලාවන්‍යාගාරය වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඒ අසළින් ගමන් කරමින් සිටි තරුණයින් අදාළ කාන්තාවට උසුලූ විසුලූ සිදුකර ඇති  අතර, එම අවස්ථාවේදී බහින්බස්වීමක් දුරදිගයාමෙන් ගැටුමක් හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව තරුණයින් පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, මියගිය පුද්ගලයා සහ ඔහු සමඟ සිටි කාන්තාව පැමිණි ත්‍රිරෝද රථයෙන්ම ඔවුන් ලූහුබැද තිබෙනවා.

එම අවස්ථාවේදී කොම්පඤ්ඤවීථිය මුත්තයියා ප්‍රදේශයේදී නැවත වරක් ඔවුන් අතර ගැටුමක් හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව මියගිය පුද්ගලයා කොල්ලූපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කළද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළා.

පසුව තරුණයින් කොම්පඤ්ඤ වීථිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර,  ඔවුන්  18 සහ 25 අතර වයස්වල පසුවන්නන් බවයි පොලීසිය කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories