පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ නිවසට සොරු පනී

Monday, 12 August 2019 - 12:33

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී. ජයසේනගේ මාදිවෙල - ග්‍රාමෝදය මාවතේ පිහිටි නිවසේ තිබූ රුපියල් ලක්ෂ 3 ක් වටිනා රන් වළල්ලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා තමා නොසිටි අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු නිවසට ඇතුලූවී මෙම කොල්ලය සිදුකර ඇති බවයි මන්ත්‍රීවරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එම අවස්ථාවේ මන්ත්‍රීවරියගේ පුත්‍රයා සහ මෙහෙකරු පමණක් නිවසේ සිට තිබෙනවා.  

මෙම කොල්ලකෑමේ සිද්ධිය නිවසේ තිබූ සීසීටීවී කැමරාවලද සටහන් වී ඇති අතර, සැකකරු පැමිණි යතුරුපැදිය බොරලැස්ගමුව ප්‍රදේශයේ ලිපිනයකට ලියාපදිංචි කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මේ අතර පසුගිය මාසයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්ගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 60 ක මුදලක් සොරා ගැනුනු අතර, පසුව සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ සිටි මෙහෙකාරියක සහ මෙහෙකරුවෙකුු අත්අඩංගුවට ගැනුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories