කෝප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 4ක් ඉදිරි සතියේ

Tuesday, 13 August 2019 - 12:40

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට රාජ්‍ය ආයතන 4ක් ඉදිරි සතියේදි කැදවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන 20 වන දා ශ්‍රී ලන්කන් ගුවන් සේවයත්, 21 වන දා ලංකා සතොසත්, 22 වන දා ජල සම්පාදන මණ්ඩලය සහ 23 වන දා විදුලිබල මණ්ඩලයත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ.

මේ වන විටත් අදාළ ආයතන සඳහා කැදවීම් ලිපි යවා ඇති බව ද සඳහන්. පසුගිය 9 වන දා මාධ්‍යයට විවෘත කිරිමෙන් අනතුරුව කෝප් කමිටුව මෙලෙස ඉදිරි සතියේදී රැස්වන්නේ දෙවන වතාවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories