නුවරඑළිය දිස්ත්‍රික්කයට නායයාම් අනතුරු ඇගවීම්

Tuesday, 13 August 2019 - 14:21

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ඉදිරි පැය 24 තුළ අදාළ ප්‍රදේශවල කදුකර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙම අවධානම පවතින බවයි.

මේ අතර, මධ්‍යම, සබරගමුව, පළාත්වල මෙන්ම ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, මාතර මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මිලිමීටර් 75 ත් 100ත් අතර තද වැසි අපේක්ෂිතයි.

අද දහවල් 12.30 න් අවසන් වූ පැය 4 ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 110 ක උපරිම වර්ෂාපතනය වාර්තා වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories