කංජිපානි ඉම්රාන් සහ පොලීසියේ සබඳතා ගැන සොයන්න විශේෂ පරීක්ෂණයක් ඇරඹේ

Wednesday, 14 August 2019 - 15:26

%E0%B6%9A%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් සමඟ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධතා පවත්වන බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල උන්වහන්සේ පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කරනු ලැබුවේ ඊයේ දිනයේදියි.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් යොදවා මීට අදාළ පරීක්ෂණය සිදුකරන බවයි.

එසේම කංජිපානි ඉම්රාන් සම්බන්ධයෙන් පවත්වන පරික්ෂණ පිළිබද වාර්තාවක් ලබා දෙන ලෙසට සඳහන් කරමින් සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයටද ලිපියක්ද භාරදුන්නා.

සිදුකරන පරීක්ෂණයට අදාළව යම් ආකාරයකින් කිසියම් නිලධාරියෙකු කංජිපානි ඉම්රාන් සමඟ සබඳතාවක් පවත්වන බවට අනාවරණ වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories