එජාපය ගැන ෆොන්සේකාටත් අවුලක්

Wednesday, 14 August 2019 - 19:22

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ අවුලක් පවතින බවත්, ඉදිරි වැඩපිලිවෙල තමාද නොදන්නා බවත්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

රාගම අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන්නැයි ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති බවයි.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ ජනාධිපතිවරයාව තේරීම් කාරක සභාවට කැඳවන දිනය සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories