අනතුරක් සිදුකළ මෝටර් රථයකට උප්පුවේලිහිදී ගිනි තබයි - 4 ක් අත්අඩංගුවට

Thursday, 15 August 2019 - 7:11

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+-+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
උප්පුවේලි ප්‍රදේශයේදී අනතුරක් සිදුකළ මෝටර් රථයකට ගිනි තැබූ හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමත් රියදුරෙකු විසින් පදවාගෙන පැමිණි මෝටර් රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටී තිබුණේ ඊයේ රාත්‍රියේයි. අනතුරුව එම ත්‍රිරෝද රථය තවත් පුද්ගලයන් දෙදෙනෙකු අනතුරට පත් කර තිබුණා.

සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ හතරදෙනෙකු සහ මාර්ගයේ ගමන් කළ දෙදෙනා තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් පසු එම ස්ථානයට පැමිණි පිරිසක් මෝටර් රථය ගිනි තබා විනාශ කර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු සහ තවත් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories