ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද කතරගම පුදබිමට

Thursday, 15 August 2019 - 7:27

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ කතරගම පුදබිම වෙත පැමිණීමට නියමිතයි.

එහිදී ඔහු කතරගම කිරි වෙහෙර වැඳ පුදාගෙන කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැකීමට නියමිතයි.

ඉන් අනතුරුවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රුහුණු කතරගම මහා දේවාලයේ දේව පූජාවටද එක්වන්නේ.

මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඊයේ මහනුවරට ගොස් ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තා.

පසුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු ඔහු අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමයටද ගොස් තිබුණා.

එහිදි ගැටඹේ රජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් අනුශාසනාවක් සිදුකළා.

අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමයේදී විශේෂ ආගමික වැඩසටහනක්ද පැවැත්වුණා.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැණික්හින්න හූරිකඩුව - විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයට ගොස් රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories