බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි හානිකර ගනී

Thursday, 15 August 2019 - 16:12

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පුත්තලම - ආනමඩුව - රඹාවැව, තම්මැන්නාව, වැව් ඉස්මත්තේ ගසක එල්ලී සියදිවි හානි කර ගත් පුද්ගලයෙකුගේ සිරුරක් අද අලූයම පොලීසිය සොයා ගනු ලැබුවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ආනඩමුව - නෑබඩ වැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු, පසුගිය 8 වනදා සිය බිරිඳට ද පොරවකින් පහරදී ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වන අතර, ඔහු මෙතෙක් පොලීසිය මඟ හැර සැඟව සිට ඇති බව සඳහන්.

කලක සිට පවතින පවුල් ආරවුලක් මත සැකකරු මෙලෙස සිය බිරිඳ ඝාතනය කර ඇති බවටයි පසුව හෙළි වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories