එජාප සන්ධානය සහ අපේක්ෂකයා තවත් කල් යයි

Thursday, 15 August 2019 - 18:58

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සැප්තැම්බර් මාසයේ පැවත්වෙන පක්ෂ සම්මේලනයට පෙර සන්ධානගත වී ජනාධිපති අපේක්ෂකයා නම් කිරිමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් පක්ෂ නායකයා සහ අගමැති අපේක්ෂකයා විය යුත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරචිචි ප්‍රකාශ කළා.

ඒ ගාල්ල - අක්මීමන අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට පිලිතුරු ලබාදෙමින්.

එසේම, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා සිදුකල ප්‍රකාශයට රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ අද ප්‍රතිචාර දක්වා සිටියා.

මාතලේ - අකුරම්බොඩ ප්‍රදේශයේ දි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ වලට පිලිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories