හබරණ දී ටිපර් රථයක ගැටුණු වෑන් රියක සිටි, තුන් දෙනෙකු මරුට

Friday, 16 August 2019 - 6:53

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%2C+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හබරණ - දඹුළු පාරේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පොළොන්නරුව සිට දඹුල්ල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ පොළොන්නරුව දෙසට ධාවනය කරමින් තිබූ වෑන් රථයක්.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මහනුවර මහරෝහලට මාරු කර යවා තිබෙනවා.

ටිපර් රථයේ සහ වෑන් රථයේ රියදුරන් දෙදෙනාගේම අපරික්ෂාකාරී ධාවනය අනතුරට හේතු වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories