පළාත් කිහිපයකට අද දිනයේත් ගිගුරුම් සහිත වැසි

Friday, 16 August 2019 - 7:44

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
උතුර, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද දිනයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය  හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි ඇති වන විට දී තවදුරටත් තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, හම්බන්තොට සිට පොතුවිල් සහ පුත්තලමේ සිට කොළඹ දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකියි.

මේ නිසා අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාව වෙතින් ඉල්ලීමක් කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories