එජාප පාර්ලිමේන්තු කණ්ඩායම සහ, කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන්නැයි ඉල්ලු ලිපිය, අද අගමැතිට

Friday, 16 August 2019 - 12:49

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%84%2C+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකවර රැස් කරන්නැයි ඉල්ලා සකස් කළ ලිපිය පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත අද පස්වරුවේ භාර දීමට නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මේ වන විට අදාළ ලිපිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පනස් දෙදෙනෙකු අත්සන් තබා ඇති බවයි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් 88 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර, ඒ අතුරින් පනස් දෙදෙනෙකු මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා.

මේ අතර, සන්ධානගතවීම හා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම එකම දිනකදී සිදුකිරිමට තීරණය කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් ඊයේ ප්‍රකාශ කළේ.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව හෙට පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ලබන 19 වන සදුදා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ නව සන්ධානය සම්බන්ධයෙන් එහිදී පුළුල් ලෙස සාකච්ජා කරනු ඇති බවයි පක්ෂයේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories