නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර, තවත් සාකච්ඡාවක් ලබන සතියේ

Saturday, 17 August 2019 - 12:47

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%2C+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් ලබන සතියේ අනිවාර්යෙන්ම පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊට අදාළව මේ වන විට දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ ඇති බවයි.

පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මාලාවේ 6 වන සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය ජුනි මස 26 වන දායි.

එම සාකච්ඡාව සාර්ථක බවයි ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.

මෙම සාකච්ඡා මාලාව ආරම්භ කෙරුණේ පසුගිය මාර්තු 14 වනදායි.

පසුගිය 6 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර පැවති විශේෂ සාකච්ඡාවේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එකතු වීම පිළිබඳව අදහස් හුවමාරු වී තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර පැවැත්වෙන පළමු සාකච්ඡාවද මෙයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories