පොලීසියෙන් කට්ටි පැන්න ‘‘ඉබ්බා’’ ගන්දරදී අත්අඩංගුවට

Saturday, 17 August 2019 - 16:56

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E2%80%98%E2%80%98%E0%B6%89%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විවිධ ආකාරයේ සොරකම් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ‘‘ඉබ්බා’’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවෙකු ගන්දරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි මෙම සැකකරු විසින් ප්‍රදේශ කිහිපයක ගෙවල් බිඳීම් සහ යතුරුපැදි සොරකම් සිදුකරන බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා.

ඒ හේතුවෙන් අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවට පත්වුව ද ඔහු අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පොලිස් අත්අඩංගුවෙන් අවස්ථා කිහිපයකදී පලායාම හේතුවෙන් සැකකරුට ඉබ්බා යන අන්වර්ථ නාමය පටබැඳි ඇති බව සඳහන්.

අත්අඩංගුවට පත් සැකකරු හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, හෙට දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලීසිය පැවසුවේ එක් අවස්ථාවකදී ඔහු පොලිස් රථ වාහන අංශයේ යතුරුපැදියක් ද සොරකම් කර පලාගොස් ඇති බවයි.

එසේම, අධිකරණ සිරමැදිරියේ රඳවා සිටි අවස්ථාවකදී ද ඔහු පලාගොස් තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories